News

පස්සර මාරක ගල ඉවතට

පස්සර මාරක බස් අනතුර සිදු වූ පස්සර-ලුණුගල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ මාර්ගය අවහිරවන පරිදි පිහිටි දැවැන්ත කළුගල ඊයේ රාත්‍රියේ (25) මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් එක්ව ඉවත් කර තිබේ.

14 දෙනෙකුට මරු කැඳවූ හා 35 දෙනෙකුට පමණ තුවාල සිදුවූ මාරක බස් අනතුරෙන් දින 5කට පසු එම ගල විද ගල කඩා ඉවත් කර ඇති බව වාර්තා වේ.

අදාළ ස්ථානයේ ප්‍රපාතය දෙසට වන්නට ආරක්ෂිත වැට ඉදිකිරීමේ කටයුතු ද ඉදිරියේදී ආරම්භ කරන බව බදුල්ල – චෙන්කලඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ ඒ.පී.කේ. අබේධීර සඳහන් කර ඇති බව වාර්තා වේ.