පසුගිය වසරේ විශේෂ මෙහෙයුම් 14කින් 40290ක් අත්අඩංගුවට
පසුගිය 2018 වසරේදී පොලිස්පතිගේ නියෝග මත දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කින් අත්අඩංගුවට ගැනීම් 40290ක් සිදුකළ බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙහිදී රථ වාහන නඩු ලබාගැනීම් 69963ක් සිදුකර ඇති බවයි.
මෙහිදි වරෙන්තුකරුවන් 12984ක්, බීමත් රියදුරන් 7094, විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 9087ක්, බලපත්‍ර නොමැති ගිනි අවි ළග තබා ගැනීම සම්බන්ධයෙන් 49ක්, විවිධ අපරාධ සඳහා අවශ්‍යව සිටි සැකකරුවන් 10305ක්, වැලි ගොඩ දැමීම් ඇතුළු විවධ දූෂණ සම්බන්ධෆයන් 771ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
අපරාධ වැළැක්වීමට හා රිය අනතුරු වැළැක්වීමට මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.