පළාත් 04කට ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද
පළාත් 04 ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද(07) දිනයේ සිදු කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව සබරගමුව, ඌව, උතුර සහ දකුණ යන පළාත්සභා 04 සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරාංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා බස්නාහිර මධ්‍යම උතුරු මැද වයඹ නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරයන් පත් කෙරිණි.
ඒ අනුව අද දිනයේදී සෙසු පළාත් 04 සඳහා ද නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.