News

ප්‍රකාශිත තනතුරු හිස්වේ – කැබිනට් මාධ්‍ය හමුව නවතී

කැබිනට් ප්‍රකාශක තනතුර සඳහා කිසිවකු පත් නොකිරීම නිසා සතිපතා පවත්වන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව පැවැත්වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

එම නිසා කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ ලිඛිතව දැනුම් දීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. එම කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මීට පෙර ඇමැති රාජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක යන අය කටයුතු කළ අතර මෙවර ඔවුන් එම තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් දක්වා නොමැති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමසීමට ඇමැති රාජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් සම්බන්ධ කර ගැනීමට අරුණ අවස්ථා කිහිපයකදී කළ උත්සාහය ව්‍යර්ථ විය.

චමින්ද සේනාරත්න