ප්‍රේමයට විරුද්ධ වූ නිසා අවු. 16ක තරුණියක් කල්අඩි පාලමෙන් පනී
මඩකලපුව කල්අඩි පාලමෙන් පහළට තරුණියක් පැන අතුරුදහන්ව ඇති බවට මඩකලපුව පොලීසිය පවසනවා.
අතුරුදහන් වූ තරුණිය සොයා පොලීසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වූ නාවක්කුලියේ පදිංචි තරුණියක් බවයි පොලීසිය පැවසුවේ.
දියේ ගිලී අතුරුදහන් වූ තරුණියගේ පෙම්වතා යයි පවසන අයෙකු විසින් මෙම තරුණියගේ දෙමාපියන් මෙම ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වූ නිසා මෙලෙස සියදිවි හානි කර ගැනීම සදහා කල්අඩි පාලමෙන් පහළට පැන්න බවට පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.