පාකිස්ථානු ජාතිකයින් 07කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
මෙරටට හෙරොයින් ආනයනය කළ පකිස්ථානු ජාතිකයින් 07දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් අධිකරණය විසින් නියම කර තිබේ.
හෙරොයින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගත් පාකිස්ථානු ජාතිකයින් 07 දෙනා අතර, සැකකාරියක් සිටියි.
අදාළ චෝදනා 03ටම වරද පිළිගැනීමෙන් පසු 2019 අගෝස්තු මස 28 වැනි දින මීගමුව මහාධිකරණය මගින් නඩු තීන්දු ප්‍රකාශයට පත් කරමින් චූදිතයින් සියලුදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇත.
මෙලෙස සිරදඩුවම් නියම කර ඇති පාකිස්ථානු ජාතික සැකකරුවන් 06 දෙනා සහ සැකකාරිය වනුයේ.

