පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.
අරුවක්කාලු කසල අංගනයට කසළ බැහැර කිරීමට එරෙහිව මෙලෙස විරෝධතාවක් සිදු කරන අතර විරෝධතාකරුවන් 500 කට අධික පිරිසක් මෙයට එක්ව සිටි.
ඔවුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැදී සිටියි.
මේ වනවිට ඒ අවට මාර්ග රථ වාහන තදබදයක්ද පවතින අතර තත්ත්වය පාලනය සඳහා පොලීසිය,කැරලි මර්ධන හමුදාව,පොලිස් කොස්තාපල්වරියන් ඇතුළු ආරක්ෂක අංශද කැඳවා ඇත.