පාර්ලිමේන්තුවට ජන්ද පෙට්ටියක් රැගෙන එයි
ඊයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී ජනාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයාටත්, රජයටත් එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම සිදු කළ යුතු ආකාරය පැහැදිලි කොට තිබුණා.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම වුයේ ඉලෙක්ටොනික හෝ නාමිකව ඡන්ද විමසීම සිදු කරන ලෙසටය. කෙසේවෙතත් මේ වනවිට ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුලට පැමිණෙමින් සිටින බවට වාර්තා වන අතර විශේෂිතම සිදුවීම වන්නේ පාර්ලිමේන්තුවට ඡන්ද පෙට්ටියක් රැගෙන ඒමයි.
නාමිකව හෝ ඉලෙක්ට්‍රොනික ලෙස ඡන්දය විමසීමට අවශ්‍ය මොහොතක ඡන්ද පෙට්ටියක් පාර්ලිමේන්තුවට රැගෙන ආවේ කුමන හේතුවකටද යන්න තවමත වාර්තා නොවෙයි.