News

පාර්ලිමේන්තුවේ ගැටුම ගැන පොලීසියට පැමිණිලි කරන්න ජවිපෙ සූදානම්

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුන පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ 19 වැනි සදුදා පොලීසියට පැමිණිලි කරන බවයි.

ඊයේ දිනයේ මෙන්ම ඊට පෙර දින දෙකේදී ද ඇති වූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන ලෙසට පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විටත් එහි පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා ද දන්වා ඇති බවට විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා.