News

පාර්ලිමේන්තුව අද උදෑසන 10.30ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද උදෑසන 10.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී කාර්යාලය පැවසුවේ.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂයට ආරාධනා ලැබී ඇති අතර, එම රැස්වීමට සහ අද පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය අද උදෑසන රැස්වන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පෙරවරු 08.30ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම්
රැස්වීම පැවැත්වෙන බවයි.

මේ අතර අද දිනයේත් අවශ්‍ය පරිදි පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.