Top Story

පාර්ලිමේන්තුව රැස් වෙන්න සුදානම්

පාර්ලිමේන්තුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් සුළු වේලාවකින් රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව වාර අවසන් විමෙන් අනතුරුව ඊයේ (14) පළමු වරට රැස්වූ අතර එහිදී ඇති වූ නොසන්සුකාරි තත්ත්වයක් හේතුවෙන් අද(15) දිනය තෙක් පාර්ලිමේන්තු කටයුතු කල්තැබුණි.

අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා අද පෙරවරුවේ පක්ෂ නායක රැස්විමක් ද කැඳවා තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් තිබෙන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද දිනයේ දී ද පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර තිබේ.