Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම 08 වැනිදා දක්වා දීර්ඝ කෙරේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
අදාළ පෙත්සම අද තෙවන දිනටත් විභාගයට ගැනුනේ අගවිනිසුරු ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදියි.
ඒ අනුව පෙත්සම් විභාගය හෙට (07) දිනය දක්වා කල් තැබීමටයි මීට ටික වේලාවකට පෙර විනිසුරු මඩුල්ල තීරණය කළේ.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම හෙට (07) දිනය දක්වා වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
———————————————————————————————————————————–
පාර්ලිමේන්තුව විසිරවීමට ජනපති ගත් තීරණයට එරෙහිව පෙත්සම් විභාගය අද තෙවැනි දිනටත්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 අද තෙවන දිනට විභාග කිරීමට නියමිතයි.
පෙරේදා දිනයේ ආරම්භ වූ පෙත්සම් විභාගය අද දිනයේ අවසන් කිරීමට නියමිත වන අතර නීතිපතිවරයා ඊයේ දිනයේදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.
අගවිනිසුරු ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද තෙවන දිනටත් විභාගයට ගැනේ.