News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතියානුකූලද ? තීන්දුව හෙට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ ඇතුළුව පාර්ශ්ව 12ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 ක් අද (12) සළකා බැලීමට නියමිතව තිබුණද එය හෙට (13) දින දක්වා අධිකරණය විසින් කල් තබා තිබෙනවා.

අද පස්වරුවේ මෙම පෙත්සම් සළකා බැලීම ආරම්භ වුණා. ඉන් අනතුරුව පස්වරු 5.20ට පමණ පැමිණිල්ල යළි කැඳවීම නියමිතව තිබුණ ද එය හෙට දින දක්වා කල්තැබුණා.

පෙත්සම් 07කට අදාළව පෙත්සම්කරුවන්⁣ගේ කරුණු දැක්වීම අද (12) දිනයේ සිදුකෙරුණා.

මෙම පෙත්සම් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබුවා.