News

Update : අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතවෙයි

රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව මීට සුළු වේලාවකට පෙර සම්මත වුණා.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණා.

විපක්ෂව කිසිදු ඡන්දයක් නොැබුණු අතර, ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සැසිවාරයට අද දිනයේ සහභාගි නොවීම ඊට හේතුවී තිබෙනවා.

මේ පාර්ලිමේන්තු සැසිවාරය ලබන දෙසැම්බර් මස 05 වැනිදා උදෑසන 10.30 දක්වා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කල් තබා තිබෙනවා.

———————————————————————————————————————————–

අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව පිළිබද ඡන්ද විමසීම ඇරඹෙයි

රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව පිළිබද ඡන්ද විමසීම ඇරඹෙයි.

———————————————————————————————————————————–

අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව පාඨලී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව පාඨලී චම්පික රණවක මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව එම යෝජනාව රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ස්ථීර කරනු ලැබුවා.

—————————————————————————————————————————————-

පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි – ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

පාර්ලිමේන්තු කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේදීත් පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂ කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.