පාර්ලිමේන්තු ගැලරිය අද අමුත්තන්ට විවෘත නැහැ
අද දිනයේදී පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට සහ අමුත්තන්න සදහා විවෘත නොවන බවට තොරතුරු වාර්තා වනවා.
පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තුව තුළ හටගත් අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයන් හිදී ගැලරිය සාමාන්‍යයෙන් මහජනතාව හා විදෙස් තානාපතිවරුන්ට විවෘත වනවා.
කෙසේ වෙතත් අද දිනයේදී මෙලෙස සීමා පනවා තිබෙනවා.
ඒ අනුව අද පාර්ලිමේන්තුව සැසිවාරය පැවැත්වෙන වේලාවේදි විවෘත වන්නේ මාධ්‍ය සඳහා පමණක් බවටයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරන්නේ.