News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙකු වත්කම් හා බැරකම් මහජනතාවට පෙන්වයි

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙකු සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ වැඩසටහනකදී ඔවුන් මෙසේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවට ඉදිරිපත් කළ අතර වාසුදේව නානායක්කාර, එරාන් වික්‍රමරත්න , එම්. සුමන්තිරන්, විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය යන මන්ත්‍රීවරු සිය වත්මක් හා බැරකම් ප්‍රකාශ මෙසේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළේය.