News

පාර්ලිමේන්තු මැතිවරණය හැර වෙන මැතිවරණ තියලා රටේ ප්‍රශ්න විසදන්න බැහැ – ශෙහාන්

ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වීමට බියෙන් පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තුවද විශ්වාස කළ නොහැකි තත්වයට පත්ව ඇති බවත් මැතිවරණයක අවශ්‍යතාවය දැඩිව තිබෙන බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණයක් පැවැත්වුවද පාර්ලිමේන්තුවේ ගැටළු විසඳිය නොහැකි බවත් පවතින අර්බුදයට පාර්ලිමේන්තු මැතිවරණය හැර වෙනත් මැතිවරණයක් පැවැත්වීම තුළින් රටේ ප්‍රශ්න විසදීමට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

නව ජනාධිපතිවරයෙක් පත් වුවද එම ජනාධිපතිවරයාට සිදු වන්නේද මේ පාර්ලිමේන්තුව සමඟ සිටීමට බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.