පාලන මිලට බාල පිටි
ප්‍රීමා සමාගම පසුගියදා පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීවත් සමග රජය ඊයේ (19 වැනිදා) සිට තිරිගු පිටිවලට රුපියල් 89ක පාලන මිලක් නියම කළත් එම මිලට ලබා දිය හැක්කේ තත්වයෙන් බාල පිටි බව තොග සහ සිල්ලර වෙළෙන්දෝ පවසති.
පිටි සමාගම් විසින් වෙළෙද පොළට පිටි වර්ග කිහිපයක් නිකුත් කර ඇති බවත් මෙම තත්ත්වය හමුවේ බේකරි ආහාර නිෂ්පාදනයට බාල පිටි වර්ග යොදා ගැනීම සිදු විය හැකි බවත් ඔවුහු කියති.