පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි
පාසල් සති කිහිපයක් වසා දැමීම හේතුවෙන් මෙම වාරයට නියමිත අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
මේ හේතුවෙන් දෙවන වාර විභාගය මෙවර නොපවත්වන ලෙස ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ කිසිදු හේතුවක් මත පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බවයි.
එහි අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා පැවසුවේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර, සිසුන්ගේ පැමිණීමේ අඩුවක් මේ වන විට ඇතැත් එය ඉදිරි සති 2ක ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවයි.