News

පාස්කු අනු කමිටු වාර්තාව හෙට ජනපතිට

පාස්කු අනු කමිටු වාර්තාව හෙට ජනපතිට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කළ අමාත්‍ය අනු කමිටු වාර්තාව හෙට (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් මෙම අනුකමිටුව පත්කර තිබුනේ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහාය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ හරිගුප්තා රෝහණධීර මහතා කටයුතු කරනු ලැබීය.

ජනාධිපති නීති අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කමිටු වාර්තාව මේ වනවිට සකස්කර අවසන් බවය.