News

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුනට

ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට පිළිගැන්වේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී සහ අස්ගිරි මහා විහාරයේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.