පාස්කු දින බෝම්බ පිපිරවීම් වලට සම්බන්ධ ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් වන්නේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ය.
ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.