News

පාස්කු ප්‍රහාරය ගැන දැන දැනම නිහඬව ඉඳලා – හිටපු පොලිස්පති පූජිත පොලිස් ආඥාපනතත් කඩයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට දින දොළහකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඊට අවශ්‍ය කටයුතු සිදු නොකිරීමෙන් පොලිස්පති පූජිත ජයසුන්දර පොලිස් ආඥාපනතේ 56.01 ඡේදය උල්ලංඝනය කර ඇති බව වාර්තා වේ.

පොලිස් ආඥාපනතේ 56.1 ඡේදයේ (අ) තීරුවේ සියලු අපරාධ වරදවල් හා මහජන අනතුරු වළක්වාලීමට උපරිම උත්සාහය හා හැකියාවන් යෙදීම (ආ) හි සාමය ආරක්ෂා කිරීම සඳහන්ය. එහි (ඇ) යන්නෙහි කරදරකාරී හා සැක කටයුතු චරිතවලින් හෙබි පුද්ගලයින් අල්ලා ගැනීම ආදිය සඳහන් වේ. ඊට අමතරව එහි (ඉ) හි මහජන සාමය ආරක්ෂා කිරීමට තොරතුරු එකතු කර ඒවා දැන්වීම යනුවෙන් දැක්වේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී පූජිත ජයසුන්දර පසුගිය 06 වැනි දින සාක්ෂි ලබා දුන්හ.

එහිදී ඔහු තමන්ට ජාතික බුද්ධි ප්‍රධානියා හා බුද්ධි අධ්‍යක්ෂවරයා ඒ බව ලිඛිත දැනුම්දුන් බව පිළිගත්තේය.

ඊට අමතරව අප්‍රේල් 20 වැනි දින දුරකථනය ඔස්සේ ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා තමන්ට හදිසි ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුවත් කළ බව එහිදී සාක්ෂි දෙමින් පැවසීය.