News

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නීතිමය කටයුතු කඩිනමින්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඉතා පැහැදිලිව හා කඩිනමින් සිදුකරන බවත්, මෙය යටපත් කිරීමට හෝ සැඟවීමට රජයට කිසිදු හේතුවක් නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මාධ්‍ය හමුවේ දී විමසූ පැනයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,පාස්කු ප්‍රහාරය සිදු වූවෙත් , ජනාධිපති කොමිෂන් සභා ස්ථාපනය කරනු ලැබුවේත් පසුගිය යහපාලන ආණ්ඩුව බව නැවත නැවත සිහිපත් කරන බවයි.

ඒ සම්බන්ධයෙන් වත්මන් රජය කිසිදු මැදිහත්විමක් සිදු නොවු බව ද අමාත්‍යවරයා කීය.

එසේම පසුගිය රජය විසින් පත් කරනු ලැබු ජනාධිපති කොමිෂන් සභා ස්වාධීනව පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කළ බවත්, ඒ පරික්ෂණ වාර්තාව ඉතාමත් කෙටි කාලයක් තුළදී ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර නීතිපතිවරයාට ලබා දෙමින් අනෙකුත් ආගමිකි නායකයින්ට ලබා දිමට කටයුතු කළ බවත් පැවසීය.

එහි දි පසුගිය යහපාලන රාජ්‍ය ආරක්ෂාව හා රාජ්‍ය පාලනය බිඳ වැටිම පිළිබඳව නැවත නැවත සඳහන් වන බවත්,එම රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටි සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් වග විය යුතු බවත්, බොහෝම පැහැදිලිවම එම කමිටු වාර්තාවේ සඳහන් වන බව ඇමතිවරයා සඳහන් කළේය.