පාස්කු ප්‍රහාර වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිපාණන්ට
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපතක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වා තිබේ.
ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.