News

පැජට් පාරේ නිල නිවස දිගටම මෛත්‍රීට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනට පදිංචිව සිටින කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුව භාවිතා කිරීමට ද අමාත්‍ය මණ්ඩලය ඊයේ (15 වැනිදා) අනුමැතිය ලබා දී ඇත.

මේ සඳහා අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩල රැස්වීම් ඊයේ (15 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපතිවරයෙකු විශ්‍රාම යාමෙන් පසු හිමිවන වරප්‍රසාද සහ දීමනා සියල්ලම සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීමට ද අමත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

එහිදී අමාත්‍ය තිලක් මාරපන ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිනියට ද පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දිය යුතු බවයි. වත්මන් ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘතියක් දියත් කළ බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් බලපෑම් එල්ල විය හැකි බැවින් පොලිස් වි‍ශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර ඇත.

උදයජීව ඒකනායක