News

පැය 24ක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 212ක් අත්අඩංගුවට

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේ පසුගිය 05 වැනිදා සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ බීමත් රියදුරන් 6136ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඊයේ (28) උදෑසන 6.00 සිට අද (29) උදෑසන 6.00 දක්වා කාලය තුළ බීමත් රියදුරන් 212ක් අත්අඩංගුවට ගත් බවයි.

මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.