පිටි මිල යට කූඨ උපක්‍රමයක්
ලෝක වෙළෙඳපොළේ සැලකිය යුතු මිලකින් තිරිඟු ඇටවල මිල ඉහළ ගොස් නොමැති අවස්ථාවක මෙරට තිරිඟු පිටිවල මිල ඉහළ දැමීම ලාභ පරමාර්ථයෙන්ම සිදු කළ කූඨ උපක්‍රමයක් බව කොළඹ හතරවැනි හරස් වීදියේ වෙළෙන්දෝ චෝදනා කරති.
මේ වන විට ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් එකසිය හැත්තෑවකට පමණ අලෙවි වේ. 2015 ජනවාරි වන විට තිරිඟු ඇට මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකන් ඩොලර් දෙසිය දහයකට අලෙවි වූ අතර එම වර්ෂයේ මාර්තු 19 වැනි දින අති විශේෂ ගැසට් නිවේදනයකින් මෙරට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 87 කට අලෙවි කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය නියෝග කළේ ය. 2016 ජූලි 4 වැනි දින ද එවැනි ගැසට් නියෝගයක් නිකුත් කළේ එම මිල යළිත් තහවුරු කරමිනි.
කෙසේ වෙතත් ඩොලරය ඉහළ යාම නිසා එතෙක් කිලෝවකට අයකළ බද්ධ වූ රුපියල් දොළහ ක්‍රමයෙන් රුපියල් තුන දක්වා අඩුකරන ලදී.
එහෙත් මේ වනවිට තිරිඟු පිටි ආනයනයේදී රුපියල් තිස්හතක බද්දක් අයකරන අතර එම බද්ද අඩු කරන්නේ නම් තිරිඟු පිටි කිලෝව රුපියල් හැටක්, හැත්තෑවක් අතර මිලකට ලබාදිය හැකි බව වෙළෙන්දෝ පවසති.
