ඊයේ (21) දින සිදුවූ ඛේදවාචකය පිළිබඳව වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.
මේ බව උන්වහන්සේ කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි අද (22)දින පැවති මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදීය.