News

පිළිපදින්නේ කාගේ අණද පොලීසිය දෙගිඩියාවක

සිදුවූ දේශපාලන අර්බුදයත් සමග පොලිසිය අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. සාමාන්‍ය රාජකාරි, උසාවි, හා මාර්ග රාජකාරි හැර කිසිදු විමර්ශන, පරීක්ෂණ කටයුත්තක් සිදු නොවන බව සඳහන්වේ.

විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, විශේෂ විමර්ශන ඒකකය, පොලිස් විශේෂ කාර්යය බළකා යන අංශවල කටයුතු මේ වනවිට අකර්මණ්‍ය වී ඇත.

කවුරුන් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් නිලධාරීන් දැඩි ගැටලුවකට මුහුණ පා ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මොහොතින් මොහොත රටේ දේශපාලන තත්ත්වය වෙනස් වන නිසාත් පොලිසියේ සිටින්නේත් ශ්‍රී ලංකා සාමාන්‍ය ජනතාවක් නිසාත් ඔවුන් තුළද දැඩි කලකිරුණු ස්වභාවයක් පවතින නිසා පරීක්ෂණ බොහෝමයක් අඩපණ වී ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.