පුදුකුඩිඉරිප්පුවෙන් බෝම්බ තොගයක් සොයාගනියි
මුලතිව්,පුදුකුඩිඉරිප්පු,සුදන්දිරපුරම් ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක තිබි බෝම්බ හා පතුරම් තොගයක් ඊයේ(01) පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සොයාගත් බව පුදුඩුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී අදාළ පතුරම් හා බෝම්බ තොගය සොයාගත් බවයි.
ටි 56 උණ්ඩ 250 ක්, ආටි ෂෙල් 06 ක්, ආර්.පි.ජි උණ්ඩ 03 ක්, තමිල් ගුණ්ඩු බෝම්බ 02 ක්, දුම්බෝම්බ 02 ක්, ආරුල් නැමති බෝම්බ 03 ක්, මිලිමීටර 120 බෝම්බ 01 ක්, මිලිමීටර 81 වර්ගයේ බෝම්බ 01 ක්, මිලිමීටර 40 වර්ගයේ බෝම්බ 01 ක් ආදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගෙන ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය නිශ්ක්‍රීය කළ බවයි.