පුළුවන්නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර පෙන්වන්න – වසන්ත
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් නොවන බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේය.
ඒ මේ වනවිට කොළඹ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ හැකිනම් තමන් එම ධුරයෙන් ඉවත් කර පෙන්වන ලෙසටය.
ඔහුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත්, ඉදිරියේදී ඔහු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ දින ප්‍රකාශ කළේය.
