News

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (06) කැඳවා තිබේ.

ඒ අනුව ඔවුන් පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත අදාළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතායි.