පූජිත් හා හේමසිරි වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ නෑ
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම පෙත්සම අද (12දා) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගෙන ඇත.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බව මෙම පෙත්සම් වෙනුවෙන් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පෙනී සිටිමින් සඳහන් කළේය.
කරුණු සළකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම් විභාග කිරිම ලබන 25 දා තෙක් කල් දැමීමට කටයුතු කර ඇත.
