News

පොදුජන පෙරමුණු ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ලේ

ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ අරමුණින් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ. ඒ අනුව ඊට අනුබද්ධව සෑම දිස්ත්‍රික්කයක් අාවරණය වන පරිදි දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාල විසිහතරක් (24) ක්ද කඩිනමින්ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එම ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට යාබදව පිහිටි ස්ථානයේ පිහිටුවීමට සැලසුම් කර තිබේ.