News

පොලිස්පති ඇතුළු තිදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂකට එළඹෙන 13වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අද (06) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කර ඇත.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා මෙලෙස සිතාසි නිකුය්ත් කර ඇත.