News

පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට

කොළඹ මහාධිකරණ සංකීර්ණයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ නීතිඥවරිය මහාධිකරණ සංකීර්ණයට ඇතුළුවීමේදී ඇය පරික්ෂා කළ පොලිස් කොස්තාපල්වරිය සීරීමකට ලක් කර ඇති අතර තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරිය ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරිමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.