පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ මන්ත්රිනී දුලක්ෂි 23 දක්වා යළි රිමාන්ඩ්
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිනී දුලක්ෂි ප්රනාන්දු එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි ඇයගේ සොහොයුරියට මාරවිල මහේස්ත්රාත් අධිකරණය විසින් අද (16) ඇප නියම කර ඇත.
