රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට
මිරිහාන, පරණ කැස්බෑව මාර්ගයේ ධාවනය වූ ලොරියක් නවතා තිබුණ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 47 හැවිරිදි මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙක් ය.
එසේම මාර්තු 31 වනදා සිට අප්‍රේල් 2වනදා දක්වා කාලය තුළ මාර්ගයේ ධාවනයට නුසුදුසු යතුරුපැදි 450ක් පොලිස් භාරයට ගෙන ඇත.
තවද අනතුරු අවම කරගැනීම වෙනුවෙන් පසුගිය මාර්තු මස 31 දින පොලීසිය විශේෂ වැඩසටහන ආරම්භ කරනු ලැබිය.
ඒ අනුව බීමත්ව යතුරුපැදි පැදවූ පුද්ගලයන් 398ක්, අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ පුද්ගලයන් 139ක්, අධික වේගයෙන් යතුරුපැදි පැදවූ 108ක්, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ සිද්ධි 1,977ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ පුද්ගලයන් 1,303ක් සහ මාර්ග නීති උල්ලංඝණය කිරීමට අදාළව නඩු 2806ක් ද වාර්තා ඇත.