පොලිසිය ඉදිරියේ සැමියාගෙන් බිරිදට ඇසිඩ් ප්රහාරයක්
සැමියා විසින් පොලිස් ස්ථානයක් තුළ දී එල්ල කළ ඇසිඩ් ප්රහාරයකින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවක් ගාල්ල – කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
ගාල්ල – උඩුගම පොලිස් ස්ථානය තුළ අදාල පුද්ගලයා විසින් ඊයේ (21) උදෑසන මෙම ඇසිඩ් ප්රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
මෙම අඹු සැමි යුවළ අතර වු පවුල් ආරවුලක් විභාග කිරිම සදහා පොලිසිය විසින් දෙදෙනාට කළ කැඳවීමක දී පොලිස් ස්ථානයට ඇතුල්වන අවස්ථාවේ ඇසිඩ් බෝතලයක් සගවාගෙන පැමිණි සැමියා විසින් බිරිදගේ මුහුණට ඇසිඩ් ගසා ඇත.
ඇසිඩ් ප්රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ද පිළිස්සුම් තුවාල ලබා ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය සඳහන් කරයි.
මොවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු ද සිටින අතර ඇසිඩ් ප්රහාරයට ලක්වු කාන්තාව 28 හැවිරිදි වියේ පසුවන අතර සැකකරු 32 හැවිරිදි වියේ පසුවන උඩුගම අලුත්වත්ත ප්රදෙශයේ පදිංචිකරුවන් වෙයි.