හලාවත පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක
හලාවත – ආණමඩුව මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් ඊයේ (08)වැනිදා දහවල් සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
හලාවත බස් නැවතුම් පලේදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවේ සේවය කරන වේලා සටහන් කරුවෙකු පුද්ගලික බස් රථ රියදුරෙකට පහර දීමේ සිද්ධියක් වැඩ වර්ජනයට හේතුව වී ඇත.
පහර කෑමට ලක්ව ඇති හලාවත – ආණමඩුව පුද්ගලික බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයා ප්රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.කිසියම් අයෙකු විසින් තමන්ට පහර දුන් බව පවසමින් වේලා සටහන් කරුවාද හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත