News

බටහිර පර්යන්තය ගැන රජය අදානි සමාගම සමග සාකච්ඡා

ඉන්දීය රජයේ මැදිහත්වීමකින් තොරව කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයකුවන ඉන්දියාවේ අදානි සමාගම සමග සාකච්ඡා පවත්වමින් සිටින බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල පැවසිය.

කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය විසින් අසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. “අපට නැගෙනහිර පර්යන්තය සඳහා ඉන්දියාව විසින් අදානි සමාගම නම් කරනු ලැබුවා. එම නිසා රජය උපකල්පනය කරනු ලැබුවා එම සමාගම බටහිර පර්යන්ත ව්‍යාපෘතියටත් සුදුසු බව. මෙය එකම ව්‍යාපෘතියක කොටසක් ස්ථානයේ වෙනසක් පමණයි පවතින්නේ.”