News

බණ්ඩාරගමදී සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරුට

බණ්ඩාරගම කැස්බෑව මාර්ගෙය් වැලිමිල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ ජීප් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණ මුහුණ ගැටී මෙම අනතුර සිදුවූ බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිද සහ පිරිම දරුවා බණ්ඩාරගම රෝහලට හා පානදුර රෝහල ඇතුළත් කිරීමේදී තිදෙනාම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මව (40) පියා (47) සහ පුතා (15) බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 47ක් වූ මියගිය පුද්ගලයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම පොලිස් මුරපොලට අනියුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවට ද පොලීසිය අනාවරණය කළා.

අනතුර සිදුකළ ජීප් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.