News

බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරණයේ යෙදෙන්නේ නම් ඔවුන්ට මරණ දඬුවම – ජනපති

ශ්‍රී ලංකාව මරණ දඬුවම ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය නැවත වරක් ප්‍රකාශ කරන බවත් යුරෝප සංගමය සඳහන් කර ඇත. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සාකච්ඡාව ඊයේ (14දා) බ්‍රසල්ස්හිදී පැවැත්වුණු අතර ඒහිදි මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවත වරක් බන්ධනාගාරය තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරණයේ යෙදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසංන්ධානය, දූෂණයට විරෝධීව සටන් කිරීම, යහපාලනය ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් ලබාදීමට යුරෝපා සංගමය එකඟ වෙයි.

2017 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට නැවත GSP ප්ලස් සහනය ලැබීමෙන් පසුව යුරෝ බිලියන 2.2ක අපනයන 2018 මැයි මාසය දක්වා සිදුකර ඇත.