News

බන්ධනාගාරවලින් නව ආසාදිතයින් 32ක්

බන්ධනාගාර ආශ්‍රිතව නව කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 32දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4807 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හඳුනාගත් නව ආසාදිතයින් 32දෙනා නේවාසික රැඳවියන් වේ.

මේ වනවිට සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4613 ක් වන අතර රැඳවියන් සිටින්නේ 181දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.