බම්බලපිටියේ ආයතනයක් බිද ලක්ෂ 30ක දේපළ සොරකම් කළ 4ක් අත්අඩංගුවට
කොළඹ 05 ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි සුප්‍රසිද්ධ ආයතනයක් බිද රුපියල් ලක්ෂ 30ක් වටිනා දේපල සොරකම් කළ සැකකරුවන් සිව්දෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ පසුගිය 21 වැනිදා මොවුන් මෙම සොරකම සිදුකර ඇති බවයි.
සැකකරුවන් විසින් සොරාගන්නා ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 10ක්, ජංගම දුරකථන 12ක් සමග ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 118ක් හා හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 114ක් තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.
මොවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.