බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක සැකකටයුතු මරණයක්
බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසකින් සැකකටයුතු මරණයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අදාළ මහල් නිවාස සංකීර්ණයේ නිවසකින් දුගදක් හමන බවට බම්බලපිටිය පොලීසිය ලද පණිවුඩයකට අනුව පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමේදී නිවස තුළ දින කිහිපයකට පෙර මියගිය පුද්ගල මළ සිරුර සොයාගත් බවයි.
මරණකරු වයස අවුරුදු 65ක් වන බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණයේම පදිංචි පුද්ගලයෙකු වනවා.
බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.