News

බඹර ප්‍රහාරයකින් සිසුන් හතලිහක් රෝහලේ

මොණරාගල අධ්‍යාපන කලාපයට අයත් මදුරුකැටිය විද්‍යාලයේ දී අද දහවල් බඹර ප්‍රහාරයක් සිදු වී තිබෙනවා. මෙම බඹරුන් විසින් විද්‍යාලයේ සිටි පාසල් සිසුන්ට දෂ්ඨ කිරීම නිසා පාසලේ සිසුන් හතලිස් දෙනෙකු පමන මොනරාගල මහ රෝහලට ඇතුළුත් කර ඇත.

එම දරුවන් අතර පිරිමි දරුවන් විසිදෙකක්,ගැහැණු දරුවන් දහඅටක් සහ එක් ගුරුවරියක්ද ඒ අතර සිටින අතර බඹර ප්‍රහාරනේ සිසුන් කිහිපදෙනකුම බරපතළ තත්වයෙන් සිටින බව මොණරාගල රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

අද දින විවේක කාලය තුලද මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර බඹර වදයට උකුස්සකුගේ ප්‍රහාරයක් එල්ල විම බඹරුන් ඇවිස්සී ඇති බව සිද්ධිය දුටුවන් ප්‍රකාශ කර සිටී.මෙම පාසලේ දුවා දරුවන් හයසිය දෙනෙකු පමන අධ්‍යාපනය ලබන අතර එම දරුවන් වීදුරු සහිත කාමර තුලට කඩිනමින් යෑම නිසා බඹර ප්‍රහාරය අවම කරගත හැකි වු බව විදුහලේ ප්‍රකාශකයකු පැවසීය.

මොනරාගල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මොනරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් එක්ව බඹරු වද මේ වා විට ඉවත් කර දමා ඇත.