බලපිටියෙන් කඩුවක් සිවුරු කොටස් සහ පාත්තර තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
බලපිටිය මුස්ලිම් දේවස්ථානය අසල ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් තිදෙනෙක් ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එම ප්රදේශයේ නිවසක සඟවා තිබූ කඩුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නිවසක තිබී සිවුරු කොටස් සහ පාත්තර තොගයක් සොයාගත් බවයි.
එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෝදිසි මෙහෙයුම අම්බලන්ගොඩ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරීන් පිරිසක් සිදුකර තිබේ.