බස්නාහිර ආණ්ඩුකාරවරයාට එරෙහිව විශ්වාසභංගයක්
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බව බස්නාහිර පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුකාරවරයාට එරෙහිව පවතින නීතිමය චෝදනා පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව මන්ත්‍රීවරුන් විසින් ඉදිරි දින කිහිපය තුළ පළාත් සභාවේ සභාපතිවරයාට භාර දීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි